Header Ads

උණුසුම් පුවත්

කොවිඩ් එන්නත ලබා දුන්නත් කොරෝනා වැළඳීමේ ඉහල ප්‍රවණතාවක් ඇති පාර්ශවයක් ගැන GMOA අනාවරණයක්

මත්පැන් හා දුම්වැටි පානය කරන පුද්ගලයන්ට කොරෝනා එන්නත ලබා දුන්නද ඔවුන්ට කොරෝනා රෝගය වැළදිමේ ඉහල ප්‍රවණතාවක් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ මත්පැන් හා දුම්වැටි පානය කරන පුද්ගලයගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ මට්ටම අවම බවයි.

කෙසේ වෙතත් දුම්වැටි හා මත්පැන් පානය යනු කොරෝනා එන්නත විදීමට බාධාවක් නොවන බවද හරිත අලුත්ගේ මහතා අවධාරණය කළා.

නව කොරෝනා වෛරස ප්‍රබේදයේ අවධානම නිසි පරිදි හදුනාගත යුතු බවයි හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ.