රුපියල් ලක්ෂ 37ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 25 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියේ, සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල කරමින් පනවා ඇති එම නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ, නඩුවේ පැමිණිල්ලට අදාළ සාක්ෂි කැඳවීම අවසන් කරන බවයි.
අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන බවයි.
ඊට අදාළ ලිඛිත දේශනයක් ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට බාරදුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 25 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළේය.