Header Ads

උණුසුම් පුවත්

දෙවානි ජයතිලක නිසා බේරුණු රතු දත්ත පොතට ගිය ශාකය


මේ වන විට ලෝකයෙන් තුරන් වී ඇති බවට රතු දත්ත පොතේ පවා සඳහන් වී ඇති 'ක්‍රෝඩියා සිලෝනිකා' නම් වටිනා ශාකය  මේ වන විට ලෝකයෙන් වඳ වී ගොස් ඇති බවට සැලකෙන අතර එහි අවසාන ශාකය පිහිටා ඇත්තේ ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය අසල ඇති ස්ථානයක වන අතර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් එම ගස කපා දැමීමට ගත් උත්සාහය ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මැතිනියගේ මැදිහත් වීමෙන් නවතා දැමුණා. ඒ කෙසේ වෙතත් ඇය පෙන්වා දෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවලදී  මෙම ශාකය ආරක්ෂා කොට අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කරන බවට එකඟතාවට පැමිණිය ද මේ වන විට එම ශාකයේ අවට ඇති අනෙකුත් වටිනා ගස් හා ජෛව පද්ධතිය විනාශ කර දමා ඇති බවයි.