Header Ads

උණුසුම් පුවත්

නාවලපිටියේ පාසලක සිසුන් 15 දෙනෙකුට හා ගුරුවරියකට කොවිඩ් - 19


නාවලපිටිය පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වෙස්ට් හෝල් දමිළ විද්‍යාලයේ  සිසුන් 15 දෙනෙකුට හා ගුරුවරියකට කොවිඩ් - 19 ආසාදනය වී තිබෙනවා.

එම ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සින්නන් මොහන් මහතා පැවසීය.

අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සහ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 14 - 16 අතර සිසු සිසුවියන් 15 දෙනෙකු මෙලෙස ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.