Header Ads

උණුසුම් පුවත්

මඩොල්සිම කුඩා ලෝකාන්තය නැරඹිමට ගිය පුද්ගලයෙකු අතුරුදන්


මඩොල්සිම පිටමාරුව කුඩා ලෝකාන්තය නැරඹිමට ගිය පුද්ගලයෙකු අතුරුදන් වීතිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, කළුතර මග්ගොන පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

ලෝකාන්තය බැලීමට පැමිණි පිරිසක් කූඩාරම් ගසාගෙන එහි නතරවී සිට තිබේ. පසුව රාත්‍රී කාලයේදී සීතල වැඩි බව පවසා එක් පුද්ගලයෙක් වාහනයට යන බව පවසමින් පිටව ගොස් ඇත.

එහෙත් පිරිස පසුව කළ සොයා බැලීමකදී ඔහු පිළිබඳ හෝඩුවාවක් නොමැතිවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා යුධ හමුදාව හා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් ඒම ස්ථානය වෙත ගොස් ඇති අතර අධික මීදුම් තත්වය මත අතුරුදහන් වූ පුද්ගලයා සොයාගැනීමේ කටයුතු අපහසුවී ඇතිබව පොලීසිය සදහන් කළා.