Header Ads

උණුසුම් පුවත්

බස් වර්ජනය සතියකින් කල් යයි.


මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සැලසුම් කළ බස් වර්ජනය සතියකින් කල් දැමීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. බස් සංගම් වල නියෝජිතයින් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර, අද  පෙරවරුවේ ඔහුගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ බස් සංගම් දියත් කිරීමට සූදානම් කර තිබූ වර්ජනය සම්බන්ධවයි. එහිදී ලැබුණු විසඳුම් අනුව, බස් වර්ජනය සතියකින් කල් දැමීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.