Header Ads

උණුසුම් පුවත්

කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක අතුරින් ඉහළම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන දර්ශකය බවට පත්වෙයි


කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ගෝලීය කොටස් වෙළඳපොල මිල දර්ශක අතුරින් ඉහළම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන දර්ශකය බව කොළඹ කොටස් වෙළඳපොල සදහන් කළා. පසුගිය 05 වැනිදා ගණුදෙනු අවසන් කරන විට කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 8275 යි දශම 3 යි 7 ක් ලෙස සටහන් වූ අතර, එය වසර තුළ මේ දක්වා පෙන්නුම් කර ඇති වර්ධනය සියයට 22 යි දශම 1 යි 6 ක්. ඒ අනුව එම වර්ධනය අනෙකුත් ගෝලීය මිල දර්ශක සියල්ල අභිබවා යන බව කොළඹ කොටස් වෙළඳපොල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.