Header Ads

උණුසුම් පුවත්

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සාද හා උත්සව පැවැත්වීමට අවසර නෑ


මේමස 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් විවිධ සාද හා උත්සව පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම් සමාජ මාධ්‍ය හරහා සිදුවෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා සඳහන් කළා.  එවැනි සාද සඳහා විවිධ කණ්ඩායම් එකතුවෙමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව නීති විරෝධීව පවත්වන එවැනි සාද සඳහා පැමිණෙන්නන් සහ එම සාද සංවිධායකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අජිත් රෝහණ  මහතා කියා සිටියා.