Header Ads

උණුසුම් පුවත්

පාදුක්කේ ගණිකා නිවාසයකින් සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට


ඊයේ රාත්‍රියේ පාදුක්ක පොලිස් වසමේ මීපේවත්ත, පාදුක්ක ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත අවිස්සාවේල්ල මහේස්ත්රාත් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වටලා ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවකු හා ගණිකා වෘත්තියේ යෙදී සිටී මේ අදහසින් රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 වූ වටරැක පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරියන් වයස අවුරුදු 34, 40, 46 වන වයස් වල පසුවන වටරැක, රත්මලාන හා මැල්සිරිපුර යන ප්‍රදේශවල පදිංචි කාරියන් වේ.  සැකකරු හා සැකකාරියන් අද දින අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර පාදුක්ක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.