කොවිඩ් 19 එන්නත ඉතා ආරක්ෂාකාරියි - කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම


දැනට කරන ලද පර්යේෂණ වලින් කොවිඩ් 19 වෛරසය සඳහා මෙම ඇස්ට්‍රා සෙනෙකා(Oxford Astra Zeneca) එන්නත ඵලදායී ප්‍රතිඵල පෙන්වන අතරම ආරක්ෂාව සපයන බවත් දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් නව වෛරස් ප්‍රභේදයට මෙම එන්නත කොතරම් දුරට ඵලදායී වේද යන්න මෙතෙක් තහවුරු කරගත් සාක්ෂි නොමැති බවත් මෙතෙක් සොයා ගත් කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයන්ට මෙම එන්නත හරහා බරපතල තත්ත්වයන් ඇති නොවීම හා ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බවත් ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කර තිබෙනවා.

වෛද්‍යතුමා තවදුරටත් පැවසූවේ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ආරක්‍ෂිත බව තහවුරු කිරීමෙන් අනතුරුව ලංකාවට මෙම එන්නත භාවිතය සුදුසු බව තීරණය කර ඇත. චීනයෙන් හා රුසියාවෙන් පමණක් නොව තවත් රටවල් වල ද මෙම එන්නත් විශේෂයන් නිපදවන අතර ලංකාවට එන්නත් ගෙන්වීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රථම වගකීම ලෙස අදාළ එන්නත සම්බන්ධයෙන් එම රටවල් කරන ලද සියලුම පර්යේෂණ සලකා බැලීමෙන් අනතුරුව හා අපේ ජනතාවට ලබා දීමට තරම් ආරක්ෂිතද යන කරුණු සලකා බැලීමෙන් අනතුරුව බවයි.

දෙවනුව මෙම එන්නතින් ලැබෙන ප්‍රයෝජනය කෙතරම්ද යන්න සොයා බලයි. එනම් මෙම එන්නතෙහි ඵලදායීතාවය කෙතරම්ද යන්න පරීක්ෂා කිරීමයි.මෙහිදී කොවිඩ් 19 රෝගය වැළඳීමෙන් පසු මරණයට පත් වීමට ඇති ඉඩකඩ හා සංකූලතාවයන් ඇති වීමට හැකි ඉඩකඩ අවම කිරීමට මෙම එන්නත් විශේෂයට හැකියාව ඇත්නම් එය ඵලදායී එන්නතක් ලෙස සැලකිය හැක.මෙය පරීක්ෂණ වලින් තහවුරු කර ගත හැකි අතර එවැනි පර්යේෂණයන්ට භාජනය කොට ඵලදායී බව තහවුරු වූ එන්නත් විශේෂයක් පමණක් ලංකාවට අනුමත කළ හැකි වන්නේ, එම විශ්වාසය මත මා ද එන්නත ලබා ගත් බව වෛද්‍යතුමා පැවසීය.

සාමාන්‍යයෙන් එන්නතක් ලබාගැනීමෙන් පසු ඇතිවන සුළු සුළු අතුරු ආබාධ තත්ත්වයන් තිබෙන බවත් කුඩා දරුවෙකුට එන්නතක් ලබා දුන් පසු උණ, ඇඟ පත අමාරුව සාමාන්‍ය තත්ත්වයක් වන අතර එවැනිම ඇඟ පත රිදීම, ඔක්කාර ගතිය, උණ ගතිය වැනි රෝග ලක්ෂණ කිහිපයක් සැලකිය යුතු කොටසකට පමණක් මෙම එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ඇති වන බවත් මෙම ලක්ෂණ දින දෙකක පමණ කාලයක් තිබෙන බවත් මෙයට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත.නමුත් සමහර එන්නත් ලබා දීමෙන් පසු බරපතල අතුරු ආබාධ ඇති වීම් දක්නට ලැබුණද මෙම එන්නත ලබා ගැනීමෙන් පසු මෙතෙක් එවැනි සිදු වීමක් වාර්තා වී නොමැති බවත් මෙය ඉතාමත්ම ආරක්‍ෂිත එන්නතක් බවත් වෛද්‍යතුමා පැවසීය.

මෙම එන්නතෙහි ප්‍රධානතම පරමාර්ථය හා ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මෙමගින් කොවිඩ් 19 වැළඳීමෙන් පසු බරපතල රෝගී තත්ත්වයන් ඇති වීම හා මරණය ඇති වීම වළකන බවයි. එම හේතුව මුල් කරගනිමින් මෙම එන්නත ප්‍රථමයෙන්ම අවදානම් කණ්ඩායම් වලට ලබා දිය යුතු බවට නිර්දේශ කර ඇත. එන්නත නිෂ්පාදනය කරන ලද සමාගමේ නිර්දේශයන් වන්නේ මෙම එන්නත වයස අවුරුදු 18න් පහළ වයස් සීමා වල පසුවන කණ්ඩායම් වලට හා ගර්භනී හා කිරි දෙන මව්වරුන් සඳහා ලබා නොදිය යුතු බවයි. මෙමගින් රෝගය වැළඳීමේ අවදානමත් යම් තරමකට අඩු කර ගැනීමට හැකියාව ලැබුණද මෙමඟින් 100% ක්ම වෛරසය පැතිරීම හා එය තුරන් නොවනු ඇත. එම හේතුවෙන් එන්නත ලබා ගැනීමෙන් පසුවද නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත් වැරදි මත පිළි නොගන්නා ලෙසත් වෛද්‍යතුමා ඉල්ලීමක් කර අතරම එන්නත ලබා ගත් පසුවද කොවිඩ් 19 රෝගය වැළඳීමේ අවදානම තිබෙන බවත් වැඩි දුරටත් පැවසීය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොවිඩ් 19 එන්නත ඉතා ආරක්ෂාකාරියි - කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
කොවිඩ් 19 එන්නත ඉතා ආරක්ෂාකාරියි - කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhyphenhyphenUDXbypMwsHF_5lvgocbOVcQFzHoOkAtIdzSbGPG1QrjzewgGNovRgXzfu-_MSDG9XW6PTQy2oeUCnpxDr7b8DzGRH9_8E2oO_MiwPyTOBzICqS8FBcALZCmgETrJdX6HEZ6hko92c4/s16000/vaccine_23.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhyphenhyphenUDXbypMwsHF_5lvgocbOVcQFzHoOkAtIdzSbGPG1QrjzewgGNovRgXzfu-_MSDG9XW6PTQy2oeUCnpxDr7b8DzGRH9_8E2oO_MiwPyTOBzICqS8FBcALZCmgETrJdX6HEZ6hko92c4/s72-c/vaccine_23.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/-covid-19-vaccine-is-very-safe---physiotherapist-dr.-ananda-wijewickrama.html.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/-covid-19-vaccine-is-very-safe---physiotherapist-dr.-ananda-wijewickrama.html.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content