7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන මෙරට පාසල් දරුවන් මිලියන 2කට කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට සාකච්ඡා කරමින් සිටින බව සූම් (zoom) තාක්ෂණය ඔස්සේ 10 දින පැවති රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.
වසංගත තත්වය හේතුවෙන් පසුගිය වසර එක හමාරක කාලය තුළ වරින් වර පාසල් වසා දැමීමට සිදුවූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන පාසල් දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීම මේ වන විට නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පූර්ණ ලෙස එන්නත් කිරීමට හැකිවී ඇති බැවින් පාසල් දරුවන්ට එන්නත් ලබා දීමෙන් පසු නැවත පාසල් විවෘත කිරීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




