ලාෆ් ගෑස්වල මිල ඉහළ දැමූව ද හිඟය තවමත් දැඩිව පවතින බැවින් 'ලාෆ්’ ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පවත්ව සිටී. එමෙන්ම ‘ලිට්‍රෝ’ ගෑස් සමාගම ද අලුත් සිලින්ඩර නිකුත් කිරීම අත්හිටුවීම නිසා ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටිති.
ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී සිටින බව ලාෆ් ගෑස් සමාගම පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය ලාෆ් ගෑස් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් සහ කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 143 ක් කින් ඉහළ දැමීමට පසුගිය අගෝස්තු මස 12 වැනිදා අවසර දුන්නේය.
ඒ අනුව රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ද, රුපියල් 600 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743 ක් දක්වා ද, ඉහළ ගියේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




