පණු රෝග මර්දනය සඳහා ලබාදෙන 'අයිවර්මෙක්ටින්' ඖෂධයට කොරෝනා වෛරසය විනාශ කිරීමේ හැකියාව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.
මෙම ඖෂධය මඟින් වෛරසයේ න්‍යෂ්ටිය තුළ ඇති අනු ප්‍රවාහනය කිරීම අවහිර කර ශරීරය තුළ නව වෛරස නිෂ්පාදනය නොකරන බව පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ දැනටමත් මෙම ඖෂධය භාවිත කරන බව පෙනීයන අතර මෙය මිනිසුන්ට හානි නොවන බෙහෙතක් නිසා වෛද්‍ය නිර්දේශ මත භාවිත කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
නමුත් මෙම 'අයිවර්මෙක්ටින්' ඖෂධය කොරෝනා මර්දනයට භාවිත කිරීම අනතුරුදායක බව ඇමරිකානු වෛද්‍ය සංගමය පවසයි. මෙම ඖෂධය සතුන්ගේ බඩවැල්වල පණුවන් ඉවත් කිරීම සඳහා යොදාගන්නක් බව ඇමරිකානු වෛද්‍ය සංගමයේ ආචාර්ය හර්ට්නර් පෙන්වා දෙනවා.
මෙම ඖෂධයට පැය 48 ක් තුළ කොරෝනා වෛරසය විනාශ කළ හැකි බව ඔස්ට්‍රේලියානු අධ්‍යයනයකින් තහවුරු වුවද එය මිනිස් රෝගීන් තුළ නොව රසායනාගාරයක දී සිදුකළ පරීක්ෂණයක් නිසා මිනිසුන් තුළ එය එලෙසම ක්‍රියාත්මක වේ ද යන්න තවමත් තහවුරු වී නැත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




