ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථ සමාගමේ නිලධාරියකු පැවසුවේ රට තුළ කිසිදු ඛනිජ තෙල් හිඟයක් ඇති නොවන බවයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ගේ ප්‍රශ්නය හුදෙක්ම අතිකාල සේවය පිළිබඳව ප්‍රශ්නයක් බවත් එමහතා පැවසීය.
එම නිලධාරියා පැවසුවේ සාමාන්‍යයෙන් සිකුරාදා සහ සෙනසුරාදා දෙදින ප්‍රවාහනය කරන, ඉදිරි සතියට අදාල තෙල් සැපයුම වන මෙට්‍රික්ටොන් 6000 ක් පමණ ආයතනික තීරණයක් අනුව සිකුරාදා දිනයේ සපයා ඇත.
ඒ හේතුවෙන් ඊයේ (11) දිනයේ සේවය අවශ්‍ය නොවන බව දැනුම් දුන් බවත් එසේ සේවය කිරීමේ අවස්ථාව නොලැබීම සේවකයන් මෙසේ විරෝධය දක්වා ඇත.
එය ඉන්ධන සැපයුමට මේ දක්වා කිසිඳු බලපෑමක් නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




