නිවාස නොමැති කොළඹින් බැහැර ජන කොටස් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහන් මාලාව තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාන්තික ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබාදීමේ නව නිවාස ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පසුගිය දා අනුරාධපුර නගරයෙන් ආරම්භ කෙරිණ.
අනුරාධපුරය, හයවන හරස් වීදිය, අභයපුර අංක 01 සඳහන් පරිශ්‍රයේ මෙය ඉදිකෙරෙන අතර එහි සිට අනුරාධපුර නගරයේ සියලු ස්ථානවලට පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙන ඉඩම පිහිටා ඇත.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 10 කින් සමන්විත වෙයි.
ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.පී.එස්. කුමාරසිංහ, උද්ධික ප්‍රේමරත්න, ඉෂාක් රහුමාන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ඒකක ඉදිකිරීම ආරම්භ කෙරිණ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම්. රංජිත් යන මහත්වරුන් සහ දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ අපි ආරම්භ කළ මැදි ආදායම් නිවාස ව්‍යාපෘතියේ දහවන ව්‍යාපෘතිය මෙය වන බවයි.




