ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිලිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
පාසල් විවෘත කිරීමේදී පළමුව 05, 11 සහ 13 යන ශ්‍රේණි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.
බස්නාහිර පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවිධ පාර්ශව එකතු වී සාකච්ඡා පවත්වන බව ද අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
සෞඛ්‍ය සහ අධ්‍යාපන බළධාරීන්ගේ අවසන් නිර්දේශ මත බස්නාහිර පාසල් නැවත විවෘත කිරීමේ දිනය ඉක්මණින් ප්‍රකාශයට පත්කරන බවයි ලේකම්කවරයා වැඩිදුරටත් කියා සිටියේ.