පුත්තලම – අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ පුත්තලම් හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරාට නින්දයෑමත් සමග රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමන ගැඹුරු ඇලකට පෙරලී ඇත.
අලුයම සිදුවූ අනතුරකින් මෝටර් රථයේ පැමිනි අවුරුදු 8 දීයණියක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ එහි පස්දෙනෙකු සිට ඇති බවයි රාජාංගනය පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ එම පවුලේ බාල දියණියයි.
මව, පියා සහ දියණියන් තිදෙනා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි හිතවතෙකුගේ නිවසකට ගොස් නැවත රාජාංගනය, අඩම්පනේ පිහිටි සිය නිවස කරා පැමිණෙමින් සිටින අවස්ථවේ ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වර්තා වන්නේ.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.




