2019 වසරේ සිට 2020 වසර දක්වා අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රුපියල් කෝටි 49ක් වැය කර ඇති බව රජයේ ගිණුම්කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස රුපියල් කෝටි 49ක මුදලක් වියදම් කලද අලි මිනිස් ගැටුම අවම වී නොමැති බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.
2019 වසරේ අලි වැට ඉදිකිරීමට වැය කරන ලද මුළු වියදම 27 කෝටි පනස් හතර ලක්ෂ 47,639 ක් ද 2020 වසරේ ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 22 කට අධිකයි.
මෙම මුදල් වැය කොට ඉදිකරන ලද විදුලි වැටේ සම්පූර්ණ දිග වන්නේ කිලෝමීටර 4,756ක්. වන අතර මෙසේ විශාල මුදලක් වැය කර තිබුණද මේ වසරේ ගතවූ කාල සීමාව තුල පුද්ගලයින් 28 දෙනෙකු සහ වන අලි මරණ 83ක්ද වාර්තා වී ඇති බව රජයේ ගිණුම්කාරක සභාවේදී අනාවරණය වුණා.




