ඉඩම් මැනීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් රට පුරා පැවැත්වීමේ තීරණයක් - ඉඩම් අමාත්‍ය




ඉඩම් මැනීම් කටයුතු ඉක්මන් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවකට පිළිතුරු ලබාදෙමින්ය. විශේෂයෙන් ඉඩම් මැනීමේ කටයුතු විධිමත්ව සිදු නොවන බවත් ඉතාමත් මන්දගාමී බවත් එබැවින් මේ වෙනුවෙන් කාර්‍යක්ෂම වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් හැකිනම් මේ වෙනුවෙන් ජංගම සේවයක් ඉක්මනින් ලංකාව පුරා ඇති කිරීම සුදුසු බවත් උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරු යෝජනා කළහ. මෙහිදී පැමිණ සිටි ඉඩම් අමාත්‍යංශ නිලධාරීන් පැවසුවේ දැනටමත් නියමු ව්‍යාපෘතියක් ලෙස තිරප්පනේ ප්‍රදේශයේ නවීන තාක්ෂණය යොදාගෙන මෙම ජංගම සේවය ආරම්භ කරනු ලබන බවයි.

එසේම “බිම් සවිය” ඉඩම් නිවැරදිව මැනීම් කටයුතු සිදුකොට ඉක්මනින් ඔප්පු ලබාදීම පිළිබඳ අවධානය යොමුකරන ලෙසද පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් මෙහිදී සඳහන් කරන ලදි. මෙම ඉඩම්වල සිටින ජනතාවට බැංකු ණයක් ගැනීමේදී පවා ගැටලු ඇති වන බවත් වසර 15/20 පමණ කාලයක සිට මෙම ගැටලුවට මෙම ජනතාව මුහුන දෙන බවත් පැමිණ සිටි මන්ත්‍රීවරු පැවසූහ.

මේ පිළිබඳ අවධානය යොමු කරමින් ඉඩම් මැනීමට කැමැත්තක් දක්වන ඉඩම් හිමියන්ගේ ඉඩම් ඉක්මනින්ම මැන ඔප්පු ලබාදීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද ඔප්පු රහිත පන්සල් වැනි ආගමික ස්ථාන වෙනුවෙන් ඔප්පු ලබාදීමට කටයුතු කරන ලෙසද මන්ත්‍රීවරුන් විසින් මෙහිදී යෝජනා කරන ලදි. විශේෂයෙන් ඔප්පු රහිත විහාරස්ථාන 325 පමණ තිබෙන බවත් ඒවා සඳහා විහාරාධිපති යන තනතුරේ නමින් ඔප්පු ලබාදීමට කටයුතු කරන බවත් නිළධාරීහු මෙහිදී පැවසූහ.

එසේම කිලිනොච්චිය ප්‍රදේශයේ පවතින ඉඩම් කිහිපයක ගැටලු පිළිබඳවද, ඉඩම් මැනීමේ කටයුතු සඳහා අයකරන මිල ගණන් අඩු කිරීම පිළිබඳවද, බලයලත් පෞද්ගලික මිනින්දෝරුවන්ගේ මැනීම් කටයුතු රාජ්‍ය අංශ විසින් පිළිගැනීමට ඇති ගැටලු පිළිබඳව සහ තවත් ප්‍රාදේශීය වශයෙන් පවතින ඉඩම් ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණි.

මෙම උපදේශක කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මායාදුන්න චින්තක අමල්, චාල්ස් නිර්මලනාදන්, සුදත් මංජුල, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, රෝහන දිසානායක, අල් සබ්‍රි රහීම්, එස්.එම්.එම්. මුෂාරෆ්, මංජුලා දිසානායක, කාදර් මස්තාන්, මුදිතා ද සොයිසා, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඉඩම් මැනීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් රට පුරා පැවැත්වීමේ තීරණයක් - ඉඩම් අමාත්‍ය
ඉඩම් මැනීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් රට පුරා පැවැත්වීමේ තීරණයක් - ඉඩම් අමාත්‍ය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgflnDd9yxwacde1459WrjDqunQjisChvcYWhNRd9BfQ82HrAc_X0tiVumXQDvFcSio_0-oHtdldtK-ZBVX7w7PWxrCJlOcr2jI9DJg3CI72it_0e1HdH1E8Pcrp1nEEgUulDCR1NOZ7Vg/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgflnDd9yxwacde1459WrjDqunQjisChvcYWhNRd9BfQ82HrAc_X0tiVumXQDvFcSio_0-oHtdldtK-ZBVX7w7PWxrCJlOcr2jI9DJg3CI72it_0e1HdH1E8Pcrp1nEEgUulDCR1NOZ7Vg/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/Measuring-Lands-for-New-Technology.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/Measuring-Lands-for-New-Technology.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content