ඉදිරියේදී සාමාන්‍ය බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමෙන් පමණක් මගී ප්‍රවාහන බස්රථ ධාවන කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.
දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ.
ලංගම හෝ ආරක්ෂක අංශවල පුහුණු පාසල් මගින් පුහුණුවක් ලබා ගැනීමෙන් පසු ලැබෙන සහතිකය අනුව මගීන් ප්‍රවාහනය සඳහා රියදුරු බලපත්‍රය ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ.
සියලුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියදුරු බලපත්‍රය ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.




