දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (19) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතයි.
බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර් රහමන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරතවීම සිදුවේ.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.




