ආණ්ඩුවේ බලාපොරොත්තුව හා වගකීම වී ඇත්තේ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමයි




ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ආණ්ඩුවේ  බලාපොරොත්තුව හා වගකීම වී ඇත්තේ දිනෙන් දින  ජනතාවගේ  ජීවන මට්ටම උසස් කිරීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, සූර්ය බල සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ‍සෞභාග්‍යමත් දේශයක සිහිනය යථාර්ථයක් බවට පත් කරන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ රට ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම දැවැන්ත සංවර්ධන සංග්‍රාමයේ තවත් අදියරක් වූ “හදවත් යා කෙරෙන ගමේ පාලම” ව්‍යාපෘතිය යටතේ  අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළුණුඔය හරහා වැටි ඇති ගුරුගම ගම්මානය හා පහලගම ගම්මානය යා කෙරෙන පාලම හා එම මාර්ගය ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද අපි රටක් විදිහට ඉදිරියට යාම සඳහා අත්‍යවශ්‍යය කරන සංවර්ධන යෝජනා ක්‍රම විශාල ප්‍රමාණයක් අපි ආරම්භ කරලා තියෙනවා, ආරම්භ වෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස වත්මන් ආණ්ඩුව හරහා  අපේ අමාත්‍යංශය මගින් අපි මේ වසරේ විදුලිය නොමැති නිවාස සියල්ලටම විදුලිය ලබා දී අවසන් කරනවා.මේ රටේ තවමත් නිවාස ලක්ෂයක් පමණ තියෙනවා විදුලිය නොමැතිව.අපේ අරමුණ වෙලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මේ නිවාස ලක්ෂයටම විදුලිය ලබා දී අවසන් කරන්න.වෙනදා විදුලි සම්බන්ධතාවයක් ලබා ගන්න රුපියල් 15 000 ක් අය වෙනවා, අපි දැන් සමෘද්ධි පවුල් හා පොරොත්තු ලේඛණයේ පවුල් වලටත් ඒ රුපියල් 15 000 ක මුදල අය නොකර විදුලිය ලබා දෙනවා. අපි විශ්වාස කරනවා බොහෝ විට විදුලිය නොමැතිව ඉන්නේ සමෘද්ධි හා සමෘද්ධි පොරොත්තු ලේඛණයේ සිටින පවුල් කියලා. ඒ අයට තමයි අගහිඟකම්, මුදල් අමාරුකම් තියෙන්නේ.ඒ අනුව නොමිලේම ඒ අයට විදුලිය ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා.

මේ සියලු දේ කරන්නේ අපි ආණ්ඩුවක් ලෙස, රටක් ලෙස අපි ඉස්සරහට යන්න ඔ්නකම තියෙනවා,හැමදාමත් ලයිට් නැතිව ඉන්න නෙමෙයි,හැමදාමත් කැඩිච්ච පාරේ යන්න නෙමෙයි.හැමදාමත් අබලන් වුණ පාලම තියාගෙන බලබල ඉන්න නෙමෙයි.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ආණ්ඩුවේ, අපේ බලාපොරොත්තුව හා වගකීම වෙලා  තියෙන්නේ දවසින් දවස ජනතාවගේ ජීවන තත්වය, ජීවන මට්ටම උසස් කරන එකයි.ඒ අනුව තමයි මේ පාලම්, පාරවල් හැදෙන්නේ, විදුලිය ලබා දෙන්නේ මේ සියල්ලම සිද්ධ වෙන්නේ.

අද මේ රටේ තියෙන සියලුම අමාත්‍යංශ තමන්ගේ රාජකාරිය, තමන්ගේ වගකීම ඉෂ්ඨ කරමින් යනවා,අපේ ඉලක්කය වී තිබෙන්නේ මේ රට හදන එක,මැතිවරණ කාළයක් ආවම තමයි පොරොන්දු ගන්නෙයි, පොරොන්දු දෙන්නෙයි,බනින්නෙයි, ඔය සේරම කරන්නේ මැතිවරණ කාළයට. අපි දැන් මේ යුගය අවසන් කරන්න ඔ්න, මැතිවරණ කාළයට ඇවිත් පොරොන්දුවක් දීලා ඡන්දය ගන්න එකත්, පොරොන්දුවක් වෙනුවෙන් ඡන්දයක් දෙන එකත් අපි නවත්වන්න ඔ්නකම තියෙනවා.මොකද ජනතාව ආණ්ඩුවක් හදන්නේ අවුරුදු 05 ක් අපෙන් වැඩ ගන්න, එහෙම නැතිව මැතිවරණ කාළයට දෙන බත් පැකට් එකට, එහෙම නැත්නම් කරන සංග්‍රහයට, දෙන පුංචි පොරොන්දුවට නෙමෙයි රට හදන්න පුළුවන්කම තියෙන්නේ,රට හදන්න නම් හදපු ආණ්ඩුවෙන් ඔබතුමන්ලා අවුරුදු 05 ක් වැඩ ගන්න ඔ්න, අවුරුදු 05 ක් ජනතාව වෙනුවෙන් අවශ්‍යය සංවර්ධනය, ඒ දේශපාලන නායකත්වය, රටට ලබා දෙන නායකත්වය ලැබුණොත් තමයි මේ රට අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ, එහෙම නැත්නම් හැමදාම මැතිවරණයක් ආවම කවුරු හරි ඇවිත් තඩි බලාපොරොත්තුවක් දෙනවා ඒකට අහුවෙන ටික ඒ පැත්තට කතිරය ගහනවා, තව කෙනෙක් ඇවිත් තව මොකක් හරි කිව්වම ඒකටත් අහුවෙන යම් ප්‍රමාණයක් ඉන්නවා ඒ පස්සෙත් යනවා, මෙහෙම ගියපුවහම අවසානයේ රට හැදෙන්නේ නෑ,හැමදාම මැතිවරණයකින් පස්සේ එක්කෝ බණිනවා, එක්කෝ කළකිරෙනවා, ඒක්කෝ වෙන පක්ෂයකට යනවා,එක්කෝ පැත්තකටම වෙලා ඉන්නවා.

1948 ඉඳන් අපි ආණ්ඩු කරලා තියෙනවානේ , මේ හැම ආණ්ඩුවක්ම වැඩ කරලා තියෙනවා, හැබැයි තව ඉස්සරහට වැඩ කරන්නත් තියෙනවා, ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ ගමේ ඉන්න හැමදෙනාම පක්ෂ, ජාති, ආගම්, කුළ-මළ භේදයක් නැතිව අපිට කතිර ගහපු අයයි, නැති අයයි, මේ ආණ්ඩුව හදන්න උදව් කරපු අයයි නැති අයයි මේ හැමෝම එකතු වෙලා තමයි මේ අවුරුදු 05 ගමේ අඩුපාඩුව ගැන, ගමේ සංවර්ධනය ගැන කථා කරන්න ඔ්න, එහෙම නැතිව මේ ආණ්ඩුවට උදව් කරපු අය විතරක් ආණ්ඩුවේ වැඩේට එනවා අනෙක් අය ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා අපේ ආණ්ඩුවක් කවදා හරි හදාගෙන අපි මේක කරන්නම් කියලා, මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඔ්නකම තියෙනවා.එහෙම වුණොත් තමයි අපිට හොඳ ප්‍රථිපල හරහා ගම දියුණු කරන්න, රට දියුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ.අපි හැමෝම එකතු වෙන්න ඔ්න, මැතිවරණ කාළයේදී අපි කැමති පක්ෂයකට කතිරය ගහනවා, තමන් කැමති අයට මනාප දෙනවා, හැබැයි දිනන අය දිනයි, පරදින අය පරදියි අවසානයේ ගමේ ඉන්න සියලු දෙනා එකතු වෙලා තමයි ගම වෙනුවෙන් පෙනී ඉන්න ඔ්නකම තියෙන්නේ.එහෙම වුණොත් නූපන් දරුවාට මේ රට ශක්තිමත්, වැඩදායි, ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ, ඒ තැනට මේ රට ගෙනයමු යැයිද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙනරත් බද්දේගම මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, රාජ්‍යය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.






Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ආණ්ඩුවේ බලාපොරොත්තුව හා වගකීම වී ඇත්තේ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමයි
ආණ්ඩුවේ බලාපොරොත්තුව හා වගකීම වී ඇත්තේ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjICifdjQNQG0Fq4I6CPX7Z7sERhoa6ZQdThrwYnkk15hWfe92B6pbjvoYL13riqkp7tTJTjr_OqfvEovSnY8Lz4imohVa5Srsq4k952ScXX6R69P8dCN4om-x3wbte20Amawwc2UiY8D4/s16000/pl+4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjICifdjQNQG0Fq4I6CPX7Z7sERhoa6ZQdThrwYnkk15hWfe92B6pbjvoYL13riqkp7tTJTjr_OqfvEovSnY8Lz4imohVa5Srsq4k952ScXX6R69P8dCN4om-x3wbte20Amawwc2UiY8D4/s72-c/pl+4.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/Hon-Duminda-Dissanayake-adress-.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/Hon-Duminda-Dissanayake-adress-.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content