පළාත් පාලන ආයතන මගින් සිදුවන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම් සදහා නව ඔන්ලයින් ක්‍රමයක්- නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්


පළාත් පාලන ආයතන මගින් සිදුවන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම් සදහා නව ඔන්ලයින් ක්‍රමයක් පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමතකිරීම සදහා නව

මාර්ගස්ථ ක්‍රමයක් (ඔන්ලයින්) හදුන්වාදීමට මේ වන විට කටයුතු ආරම්භකර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ යෝජනාවකට අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ මේවන විට කෝට්ටේ මහනගර සභාව, ගම්පහ සහ කලුතර ප්‍රාදේශීය සභා සදහා මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකර ඇති බවයි.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙම නියමු ව්‍යාපෘතිය සදහා සියලු තාක්ෂණික පහසුකම් ඇතුළු ප්‍රතිපාදන සැපයයීමට කටයුතු කර ඇති බවත් අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාකොට ඔවුන්ගේ අවශ්‍යතාද සළකා බලා සියලු පලාත් පාලන ආයතනවලට ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය හදුන්වාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. සැලසුම් අනුමත කිරීමේදී පළාත් පාලන ආයතනවල එකිනෙකට වෙනස් සැලසුම් අයදුම්පත්‍ර ආකෘතින් පවතින බැවින් සියලු පළාත් පාලන ආයතන සදහා එකම ආකෘතියක් හදුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.

එසේම නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන සැලසුම් අනුමත කිරීමේදී අයදුම්කරු අපහසුතාවයට පත්නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන 17ක් ඒකාබද්ධ කොට ඔන්ලයින් හරහා අයදුම් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙන බවත් මෙහිදී අනාවරණය විය. ඒසදහා ආයෝජකයෙක් සොයා ගැනීමට මේවන විට ටෙන්ඩර් කැදවා ඇති බවත් ලබන අගෝස්තු මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භකරන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් පැවසීය.

අතිගරු ජනාධිපතිවරයාගේ සහ  අග්‍රාමාත්‍යවරයාගේ නිරන්තර අධීක්ෂණය යටතේ මේ වසර තුළ ඇවිදින මංතීරු විස්සක් ඉදිකිරීම, ග්‍රාමීය සහ නාගරික නිවාස වැඩිප්‍රමාණයක් ඉදිරිකිරීම ඇතුළු ඉලක්කගත විශාල වැඩකොටසක් මේවන විට ශීඝ්‍රයෙන් ඉටුකරන බවත් එය රජයේ සංවර්ධන ක්‍රියාවලියෙහි විශාල කොටසක් බවත් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

චන්දිම වීරක්කොඩි, මුජිබර් රහුමාන්, ජගත් කුමාර,සුදත් මංජුල, යදාමිණි ගුණවර්ධන, නසීර් අහමඩ්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පළාත් පාලන ආයතන මගින් සිදුවන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම් සදහා නව ඔන්ලයින් ක්‍රමයක්- නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්
පළාත් පාලන ආයතන මගින් සිදුවන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම් සදහා නව ඔන්ලයින් ක්‍රමයක්- නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFWqL0UhubRjxnQFMUQYOS2t9ej0ZmQjisSpv0asIf0v4XTeo0sbSHxl_ipup4nporLIBIlWJmCC_d_9Myv1MADMPnBc99WB7UnJqk2QE450PWyUaRIsRfVH6jF6eCtH2fCawhwa4p8v0/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFWqL0UhubRjxnQFMUQYOS2t9ej0ZmQjisSpv0asIf0v4XTeo0sbSHxl_ipup4nporLIBIlWJmCC_d_9Myv1MADMPnBc99WB7UnJqk2QE450PWyUaRIsRfVH6jF6eCtH2fCawhwa4p8v0/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/Provincial-managing-constructions-confirmation-through-online.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/Provincial-managing-constructions-confirmation-through-online.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content