පසුගියදා පුද්ගලයන් 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සර සිදුවූ බස් රථ අනතුරේ රියදුරා විසින් සිය ජංගම දුරකථනය භාවිතා කරමින් පැමිණි බවට මාර්ගයේ සිටි අයෙක් හා බස් රථයේ ගමන්ගත් මගීන් සදහන් කර තිබේ.
අදාළ මගියා විසින්, බස්රථය නැවැත්වීමට අත දැමූ බවත්, එය නොතකා ඔහු බස් රථය නොනවත්වා ධාවනය කල බවත්, ඒ වන විට බස් රථයේ රියදුරා ජංගම දුරකථනයක් කනේ තබාගෙන සිටිනු දුටු බවත් අනතුරුව මදක් ඉදිරියට ගොස් බස්රථය පෙරලී ගිය බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව පොලීසිය විසින් සැකකාර රියදුරාගේ දුරකථන අංකයේ දත්තයත් අනතුර සිදුවන අවස්ථාවේ සී සී ටී වී කැමරාවේ සටහන් වූ වේලාවත් අතර ඔහු සැබෑවටම දුරකථනය භාවිතා කළාදැයි පරික්ෂා කිරීම සඳහා දැනට විශ්ලේෂණාත්මක දුරකථන ජාල විමර්ශනයක් ආරම්භ කර තිබේ.




