නුවරඑලිය දිස්ත්‍රිකයේ නගරබද සහ තේ වත් ආශ්‍රිත කොවිල්වල සහ පුජනිය ස්ථාන වල පුජා කටයුතු සදහා සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් විසින් සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
කෝවිල් කමිටුවලට සහ වතු අධිකාරිවරුන්ට ඔවූන් පදිංචි බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් විසින් මෙම සෞඛ්‍යය උපදෙස් මාලාව නිකුත් කර ඇත.
එම සෞඛ්‍ය උපදෙස් මාලාවට අනුකූලව අදාල කොවිලේ හෝ පුජනිය ස්ථානයේ පුජනිය කටයුතු සිදු කල යුතු බවත්, එයට පටහැනිව සිදු කරන පුජා කටයුතු ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාට නතර කිරිමට බලය ඇති බවයි ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේය.
පුජා කටයුතු සදහා කිසිදු විටක 50 කට අධික පිරිසක් රැස් නොකිරිම, පැමිණෙන සියළු දෙනා මුඛ ආවරණ පැළද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනිම, බාහිර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් පුජා කටයුතු සදහා සහභාගි නොකර ගැනිම ඇතුළු කරුණු 12 කින් උපදෙස් මාලාව නිකුත් කර ඇත.




