දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැනගිය කොවිඩ් ආසාදිත යාචකයෙකු සොයා දඹුල්ල පොලීසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
දඹුල්ල නගරයේ ඇවිදිමින් සිගමනේ යෙදෙන යුවළක් ඊයේ (28) දින දඹුල්ල රෝහලට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමෙන් පසුව සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව හඳුනාගෙන ඇත.
ඒ අනුව රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා සිය බිරිඳ දමා රෝහලෙන් පැනගොස් ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පොලීසියට දැනුම් දී තිබේ.
නගරයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කර එම ආසාදිත යාචකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.




