අද උදෑසන සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් නිරාවිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම සේවා කොට්ඨාශය හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
එසේම, කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කිරීමට පියවර ගැනුණා. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ කුරුණෑගල, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසමද මීට පෙර හුදෙකලා කෙරුණා.
මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපා ඇති කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ද පැවැත්වුණා.




