ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් - ක්‍රියාවට නැංවීමට චීන රජයේ සහයෝගය


ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගනිමින් ඉදිරි පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කොන්සියුලර් ලී ගුආන්ග්ජුන් (Li Guangjun), තෙවන ලේකම් ඩෝන්ග් ෂිආකුන් (Dong Xiakun) හා ෂූ මින් (Zhu Min) යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවට උචිත කර්මාන්තවල මූලාකෘති නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන ජාතික කාර්මික උද්‍යානයක් (National Industrial Park) පිහිටුවීම ද වන අතර එය රත්මලාන ප්‍රදේශයේ අක්කර 16ක භූමි භාගයක ඉදි කිරීමට නියමිතය. 'එක් ගමකට එක් කර්මාන්තයක්' (Industry for a Village) ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රජාව ව්‍යවසායකයන් බවට සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

එසේම කෘෂි ආහාර සහ මත්ස්‍ය ආහාර සැකසීමේ කලාපයක් (Agro Food and Fish Processing Zone) පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ 4 වන කාර්මික විප්ලවයේ ප්‍රධාන මෙවලම වන සෙමිකන්ඩක්ටර්ස් නිෂ්පාදනය සදහා චීන ආයෝජකයන් කැදවීම (Establishment of Semiconductor Manufacturing Industries in Sri Lanka) යන ව්‍යාපෘති ඒ අතර වේ. තවද චීන - ශ්‍රී ලංකා උසස් කාර්මික පුහුණු ආයතනයක් (China - Sri Lanka Advanced Industrial Training Institute) පිහිටුවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

චීනයේ දුගී බව තුරන් කිරීම සඳහා වූ වැඩසටහන්වල අත්දැකීම් ශ්‍රී ලංකාවේ දුගී බව තුරන් කිරීම සඳහා යොදාගත හැකි අන්දම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණු අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ඉහත ව්‍යාපෘති ග්‍රාමීය ප්‍රජාව වෙත රැගෙන යාමේදී එම අත්දැකීම් බෙහෙවින් වැදගත් වන බවය. 1956 සිට ඇරඹි චීන - ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මේ වන විට වසර 63ක් සම්පූර්ණ වී ඇති බවත් එමගින් ලැබෙමින් පවතින ප්‍රතිලාභ මෙසේ ශ්‍රී ලංකාවේ ජාතික කාර්මිකරණය වේගවත් කිරීමට යොදා යොදාගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් චීන රජයට සිය ප්‍රණාමය පුද කරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල⁣යේ සභාපති උපසේන දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් - ක්‍රියාවට නැංවීමට චීන රජයේ සහයෝගය
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් - ක්‍රියාවට නැංවීමට චීන රජයේ සහයෝගය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWDHIbCR6wrf6JKy7U-Yfv_FsF8ZP4YxaZIPs3nHaKdwlPB-xLNcs42vS_isr8dsgerWH-2WSXWKEyEB2rt2gfuUB9N3QArIIUhwM3uQS9dBobAAGa3xI0VpU2rYcxMN3gmxEIxMwd-zA/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWDHIbCR6wrf6JKy7U-Yfv_FsF8ZP4YxaZIPs3nHaKdwlPB-xLNcs42vS_isr8dsgerWH-2WSXWKEyEB2rt2gfuUB9N3QArIIUhwM3uQS9dBobAAGa3xI0VpU2rYcxMN3gmxEIxMwd-zA/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/05.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/05.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content