Header Ads

උණුසුම් පුවත්

ඊයේ මර්ග අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මරුට


ඊයේ දින මහා මර්ග ආශ්‍රතව සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළා. 

ඒ අතරෙන් මරණ හයක් ඊයේ දින සිදුවූ අනතුරුවලින් වාර්තා වන අතර ඉතිරි හත් දෙනා මියගොස් ඇත්තේ ඊට පෙර සිදු වූ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදීයි. 

මෙසේ මිය ගිය පුද්ගලයින් අතරින් හය දෙනකු පදිකයින් වීම විශේෂත්වයක්. එමෙන්ම යතුරුපැදිවල ගමන් කල සිව් දෙනෙකුගේ ජීවිත ද ඊයේ සිදුවූ අනතුරු  හේතුවෙන් අහිමි වුණා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ රිය අනතුරුවලදී පදිකයින් අනතුරට පත්වීම සහ මිය යෑමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බැවින් එළඹෙන උත්සව සමයේ දී මහමග ගමන් වඩාත් සුපරික්ෂාකාරීව සිදු කල යුතු බවටයි.