මද්‍රසා පාසල් සහ මුස්ලිම් අධිකරණ නීති සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරි සති දෙක තුන තුළ තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ එම අදහස් පළ කළේය.
පාස්කු ප්‍රහාරය සිදුව වසර දෙකක් ගතව ඇති අවස්ථාවක ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් කුමක් සිදුකරන්නේ ද? යන ගැටලුව සමාජය ඉදිරියේ ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.
මද්‍රසා පාස්ලවල තිබෙන පාඨමාලා පිළිබඳ ව ආගමික කටයුතු අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් නොමැති බව ද රතන හිමියන් පැවසීය.
මද්‍රසා පාසල් රජය යටතට පත්කර ගත යුතු බවත්, කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳ ජාතික සම්මුතියක් සකසා ගැනීම ජනාධිපතිවරයා ඇති වගකීම බවත් උන්වහන්සේ කියා සිටියේය.




