බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු සමීපතම ඥාතීන් කොවිඩ් -19 ආසාදිතයින් ලෙසට තහවුරු වී තිබේ.
බණ්ඩාරවෙල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ඒ අනුව එම විවාහ උත්සවයට සහභාගී වු පුද්ගලයින් දසදෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (29) දිනයේ දී සිදුකළ බවය.
මේ අතර, එම ප්‍රදේශයේ මුල්‍ය ආයතන 5කට අධික ප්‍රමාණයක ආසාදිතයින් 30ක් පමණ වාර්තා වී ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම පුත්තලම, කල්පිටිය, ආණමඩුව සහ හලාවත ප්‍රදේශවලින් අද (30) පෙරවරුව වන විට කොවිඩ් ආසාදීතයින් 32ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
කල්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක්, හලාවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක්, පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශවලින් ආසාදිතයින් 10 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇත.




