අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කළ මෝටර් රථයේ මුල් හිමිකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු විසින් එම මෝටර් රථය අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණා ඇති බව හෙළිවී තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වනවිට සමාජජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් එම වාහනයේ දොර කවුළු මත හිඳගෙන එලෙස අනාරක්ෂිත ලෙස ගමන්කරන අයුරු එම විඩියෝවේ දැක්වුණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ දී එම සිදුවීම සිදුව ඇති අතර, ඊට පිටුපසින් ගමන් කළ තවත් රථයකින් අදාළ සිද්ධිය වීඩියෝගත කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළේය