වයඹ, උතුර, නැගෙනහිර සහ බස්නාහිර යන පළාත්වල ඇතැම් ස්ථානවල කොරෝනා අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ හේතුවෙන් කොරෝනා තෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බැවින් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහයෝගය ලබාදිය යුතු බව එම සංගමය සදහන් කළා.
ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 309ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 97,105 ක් දක්වා ඉහළ ගියා. මේ අතර, ඊයේ දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වුණා.
ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 620 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලා සිටියේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සහය දක්වන ලෙසටයි.




