Header Ads

උණුසුම් පුවත්

මගී බස් රථ රියදුරන්ට අනතුරු ඇඟවීමක්


මගී ප්‍රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස් රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් එම නිලධාරීන් විමසිල්ලෙන් පසුවන බව ඔහු පැවසීය.

විශේෂයෙන් අධික වේගයෙන් ධාවනය, රිය ධාවනය කරමින් ජංගම දුරකථන භාවිතය සහ වෙනත් මාර්ග නීති නොපිළිපදිමින් ධාවනය වන්නේ ද පිළිබඳව ද  විමසිල්ලෙන් සිටින ලෙස එම නිලධාරීන් ට උපදෙස් දී ඇත.

රියදුරෙක් යම් වරදක් කළහොත් එම බස් රථය ආසන්නම පොලිස් ස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, පසුගිය පැය විසිහතර තුළදී මාර්ග අනතුරු හේතුවෙන් 7 දෙනෙක් මියගොස් තිබේ.

ඉන් 5 දෙනෙක් ම යතුරුපැදිකරුවන් වන අතර එක අයෙක් පදිකයෙකි. අනෙක් මරණකරු මීට පෙර අනතුරකට මුහුණදුන් පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.