රජය මගින් පසුගිය ආණ්ඩු සමයේ ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරන්නේ 2015 -2019 කාලය තුළ රජයේ රෝහල්වලට සෞඛ්‍ය උපකරණ, ඒ වගේම එන්නත් මිල දී ගැනීම්වලදී දැඩි අක්‍රමිකතාවයක් දුෂණයක් සිදුව ඇති බවය.
අදහස් දැක්වූ මධුර විතානගේ මහතා,
“විශේෂයෙන්ම 2015 ජනවාරි මාසයේ සිට 2019 වසර අවසාන වන තෙක් ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට, රෝහල්වලට බෙහෙත් මිල දී ගැනීම් සම්බන්ධයෙන් දැවැන්ත අක්‍රමිකතා වංචාවක් සිදුවු බව අපි පසුගිය දිනවල සොයා ගත්තා. ආයතන කිහිපයක් නිරීක්ෂණය කළා. ඒ අනුව අපි සොයා ගත්තා 2015 -2019 කාලය තුළ රජයේ රෝහල්වලට සෞඛ්‍ය උපකරණ, ඒ වගේම එන්නත් මිල දී ගැනීම්වලදී දැඩි අක්‍රමිකතාවයක් දුෂණයක් සිදුව ඇති බවට. සාමාන්‍ය වෙළෙඳපොළේ රු 300කට වගේ මිලකට තිබෙන ඖෂධයක් රු 15,000 කට හෝ රු 20,000කට වගේ අධික මිලකට ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිලදී ගෙන තිබෙනවා.“