එළඹෙන 27 වන දා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබාදී තිබුණ ද විශ්වවිද්‍යාල ආරම්භ කරන ආකාරය තීරණය කිරීමේ බලය ලබාදී ඇත්තේ උපකුලපතිවරුන්ට බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළා.
ඊයේ විශ්වවිද්‍යාල උපකුලපති වරුන් සමග පැවත් සාකඡචාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. එම සාකච්ඡාවට සියළුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ඒවායේ උපකුලපතිවරුන් සහභාගි වී තිබෙනවා.
විභාගවලට මුහුණ දෙන සිසුන් සඳහා විශ්වවිද්‍යාලවලට පැමිණීමට මීට පෙර ද අවසර ලබාදී තිබූ අතර, ප්‍රායෝගික පුහුණු සහ අධ්‍යයන කටයුතු සිදුකිරීම ගැටළුවක් වී තිබුණේ පැවති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන්.
ඒ අනුව සියළු සිසුන් එක් දිනකදී විශ්වවිද්‍යාලවලට ගෙන්වා ගත නොහැකි නිසා ඔවුන් කුමන ක්‍රමවේදයක් යටතේ ගෙන්වන්නේ ද යන්න පිළිබදව අවසන් තීරණය ගැනීමට උපකුලපතිවරුන්ට බලය ලබාදුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළා.




