කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු ඊයේ (19) සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් නව කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව මේ දක්වා එහි පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,215 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.
එමෙන්ම මෙම කාළසීමාව තුළ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 1,213 දෙනෙකු ද වාර්තා වී තිබූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.




