දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි ම පිරිසක් ඊයේ (19) දිනයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොවිඩ් ආසාදිතයින්ගෙන් 67 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තාවීමත් සමඟ එම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3,237 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් ඊයේ දිනයේදී හඳුනාගෙන ඇති අතර ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 130 ක්.
මෙම ආසාදිතයින් ඇතුළුව කොවිඩ් - 19 දෙවන රැල්ල ආරම්භවීමත් සමග බස්නාහිර පළාතෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ 58,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
බස්නාහිර පළාතෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 58,027 ක් බව පෙන්වාදෙන කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඉන් 32,415 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව සඳහන් කළා.




