බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (06) පාර්ලිමෙන්තුවේ දී සදහන්කළාය.
උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනවාරි මස 21 වන දින නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවාය.
ඒ අනුව පාසල් ආරම්භ වී සති දෙකකට පසුව උපකාරක පන්ති ආරම්භ කළ හැකි බව එහි සඳහන් බවත්, පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම වශයෙන් 100දෙනෙකුට සීමාවිය යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
සෑම විටම ආසනයක දුර මීටරයක් පවත්වා ගත යුතු බවත්, ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතුය.