ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ


ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අතුරු කමිටු ඇති කිරීමට යෝජනා කළද තමා ඊට එකඟ නොවන්නේද මෙම හේතුව නිසා බව පෙන්වාදුන් ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයේ ක්‍රියාත්මක නඩු තීන්දුවකට තමා ඇඟිලි නොගසන බවද සඳහන් කළේය.

ඉදිරියේදී දකුණු ආසියාවේම ක්‍රීඩා මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කර ක්‍රීඩා ආර්ථිකයක් මෙරට තුළ ඇති කිරීම තම අරමුණ බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ලෝක පාපන්දු සම්මේලනයේ ශාඛා මෙරට විවෘත කිරීමට තමා ආරාධනා කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ රටක් වශයෙන් සෑම අවස්ථාවකම ජාත්‍යන්තර ක්‍රීඩා නීති රීති අනුව කටයුතු කර ඇති බවයි. ලංකාව මෙරට පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුවට (ICC ANTI-CORRUPTION UNIT) සෑම සහයෝගයක්ම ලබා දී ඇතැයිද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය. එම කාර්යාලයක් මෙරට ස්ථාපිත කළේ ශ්‍රී ලංකාව පමණක් නොව, දකුණු ආසියානු අනෙකුත් රටවලද ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ගැන සෙවීමට බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව සෑම ක්‍රීඩාවකම නිළ වරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත්, ඒ වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන් ක්‍රීඩා පනත සකස් කරන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී පාර්ලිමේන්තුවට එම ක්‍රීඩා පනත ඉදිරිපත් කරන බවද එවිට ඒ සඳහා සහාය ලබා දෙන මෙන්ද ඉල්ලා සිටියේය.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ
ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTi_rRbB1hnte4C3ilzX-O9Tf1KVSn1OB-Mi1x-H2w3-UgUbOGXCM9pWjMoH6a_RQ0pnujZcaX2bd4FVDV-_JsD8chv4lVxGhEm0sD3EJ2jZ0aKoOWZIWYjAxi1shmlwzJ6O1ClSiFje0/s16000/maxresdefault-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTi_rRbB1hnte4C3ilzX-O9Tf1KVSn1OB-Mi1x-H2w3-UgUbOGXCM9pWjMoH6a_RQ0pnujZcaX2bd4FVDV-_JsD8chv4lVxGhEm0sD3EJ2jZ0aKoOWZIWYjAxi1shmlwzJ6O1ClSiFje0/s72-c/maxresdefault-4.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/namalrajapaksha-sports.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/namalrajapaksha-sports.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content