Header Ads

උණුසුම් පුවත්

මෙරට සාගරය දූෂණ්‍ය කළ MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් රුපියල් බිලියන 3ක වන්දියක් ඉල්ලයි


ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්ව තෙල් කාන්දුවක් සිදුවූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකාරීත්වයෙන් රුපියල් බිලියන 3.423 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 19.022) අයකර ගැනීමට අවශ්‍ය ලේඛන නීතිපතිවරයා විසින් ඉදිරිපත්කර තිබෙනවා.

එම ලේඛන අදාළ නැව අයත් සමාගමේ නීතිඥවරුන්ට භාරදුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය. 

2020 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී MT නිව් ඩයමන්ඩ් නැමති ඉන්ධන රැගත් නෞකාව අනතුරට ලක්වීමෙන් එහි තෙල් කාන්දුවක් සිදුවුණා.