රජයේ දේපල අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
නුගේගොඩ, නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකු අධිපතිවරයා, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.




