මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ සිහි ගැන්වෙන පාස්කු ඉරිදා දිනය දා පුද්ගලයින් දෙසිය පනහකට අධික පිරිසකගේ ජිවිත අහිමි කරමින්, තවත්පි රිසකගේ ජිවිත සඳහටම අඳුරු කරමින් 2019 අප්‍රේල් 21 වන ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද දිනට (21) දෙවසරක කාලයක් ගත වී තිබේ.
සංචාරක හෝටල් කිහිපයක් සහ මිගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඩේ දේවස්ථානය, මඩකළපුව සියොන් දේවස්ථානය එදින එල්ල වූ අන්තවාදී ඉස්ලාමිය කණ්ඩායමක මරාගෙ මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන ඉලක්කයන් බවට පත්විය.
පාස්කු ප්‍රහාරය හුදෙක් තනිකරම කතෝලික ජනතාවගේ පමණක් වූ ප්‍රශනයක් නොව අනිකුත් ආගමික පුද්ගලයින් ද විපතට පත් වූ ප්‍රශනයක් බවත්, එක්තරා කාලයක සිට ලංකාව තුල සකස් වෙමින් පැවති අන්තවාදී සහ ත්‍රස්තවාදී නැඹුරුවක් පිළිබිඹු වූ ප්‍රහාරයක් බවත්, අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාරය නැවත වරක් සිදු නොවීමට කටයුතු කළ යුතු බවත් අති උතුම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවේ දී සිය අදහස් දක්වමින් කියා සිටියේය.
එමෙන්ම, කතෝලික සභාවෙන් පාලනය වන පාසල් (21) දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන බව ද උන්වහන්සේ මෙහි දී ප්‍රකාශ කළහ.
ඒ අනුව, අති උතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රධාන දේව මෙහෙය සිදු කෙරෙන අතර, එදිනට දිවයිනේ සියලුම දේවස්ථාන වල පෙරවරු 8.45 ට මළවුන්ගේ සීනුව නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවය ආරක්ෂා කර නැවත මළවුන්ගේ සීනුව නාද කර මළවුන් සිහි කරමින් පහන් දැල්වීම සිදු කර ආගමික වතාවත් විවිධ ආගමික නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
(21) දින මධ්‍යහ්න 12.00 දක්වා ප්‍රධාන දේව මෙහෙය සිදු කෙරෙන කොච්චිකඩේ දේවස්ථානය වෙත විශාල ජනකායක් පැමිණීම අපේක්ෂා කරන බැවින් විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන අතර, ඉදිරිපිට ශාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත හා ක්‍රිස්ටි පෙරේරා මාවත යන මාර්ගයන් හි රථවාහන සීමා කිරීමට ද කටයුතු කෙරෙන අතර දිවයිනේ සියලු දේවස්ථාන අවට ආරක්ෂාව තර කිරීමට ද පොලිසිය විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් සකස් කොට තිබෙනවා.




