Header Ads

උණුසුම් පුවත්

කේරල ගංජා කිලෝ 02 සමග සැකකරුවෙකු අත්අඩංගුවට


ඊයේ රාත්‍රියේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පෑලියගොඩ පොලිස් වසමේ 4 කණුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරල ගංජා කිලෝ 02 ග්‍රෑම් 260 ක් සන්තකේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු29 වූ කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.