පෝට්සිටිය චීනයට දෙන කතාව පට්ටපල් බොරුවක්


කොළඹ වරාය නගරය හා ඒ ආශ්‍රිතව  පැන නැගී ඇති චීන මැදිහත්වීම සම්බන්ධව කරුණු පැහැදිලි කෙරෙන මාධ්‍ය හමුවක් අනාගතය අපි තරුණ ව්‍යාපාරය විසින් ඊයේ බොරුල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පවත්වනු ලැබීය. එහිදී අදහස් දැක්වූ අනාගතය අපි තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුරු ප්‍රසංග හා වින්දන කහඳගේ,

“අද කොළඹ වරාය නගරය ආශ්‍රිත ප්‍රශ්නෙත් එක්ක ලංකාවට සිදුකෙරෙන චීන මැදිහත්වීම ගැන කිසියම් කතාබහක් ඇතිවෙලා තිබෙනවා. වරාය නගරය ගැන පනතින් ඔබ්බට ගොස් මේ හා බැඳුණූ ලෝක දේශපාලනයේ මහා පින්තූරය අපි නිවැරදිව තේරුම් ගත යුතුයි.

අද බටහිර සහ ඇමරිකානු මැදිහත්වීම නිසා ඇස් පනාපිට මිහිපිට අපායවල් බවට පත්වෙච්ච රටවල් ගණනාවක් ලෝක සිතියමේ තිබෙනවා. ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, ඇෆ්ගනිස්ථානය, හයිටිය, කොංගෝව, සූඩානය, සෝමාලියාව... හැබැයි චීනය නිසා ලෝකේ එක රටක්වත් මේ තත්ත්වෙට පත්වෙලා නෑ. චීනය බටහිර රටවල් වගේ මහ දවල් අනුන්ගේ රටවල්වලට කඩා පැනලා මිනීමරලා යුද්ධ කරලා නෑ.

එතකොට චීනය රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න, ආණ්ඩු පෙරළන්න, එල්ටීටීඊ, අයිඑස්අයිඑස් වගේ ත්‍රස්තවාදී කල්ලිවලට අනියමින් අනුග්‍රහය ලබාදෙමින් රාජ්‍යයන් අස්ථාවර කරන්න මැදිහත් වෙලා නෑ. නමුත් 60 දශකයේ ඉඳලා පහුගිය 2015 දක්වා ලංකාවේ ආණ්ඩු පෙරළිවලට ඇමරිකාව අරමුදල් සපයපු ආකරය අපිට කරුණු සහිතව පෙන්වා දෙන්න පුලුවන්.

ඒ වගේම මේ රටේ යුද්ධය වෙලාවේ ඇමරිකාව, නෝර්වේ වගේ බටහිර රටවල් කොටි ත්‍රස්තවාදයට කොයි තරම් පක්ෂපාතී භූමිකාවක් රඟදැක්වූවාද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

එතකොට ඇමරිකාව හෝ බටහිර රටවල් අපට ණය ආධාර සපයන්නේ, උදව් කරන්නේ විවිධාකාර රටට අහිතකර කොන්දේසි මත. මේ කොන්දේසි හරහා රාජ්‍යයක් විදිහට අපට ස්වාධීන තීන්දු තීරණ ගන්න බැරි විදිහට අපේ බලය බෙලහීන කරමින් තමයි ඔවුන් අපිට උදව් කරන්න හදන්නේ...

එතකොට බටහිර රටවල් ජීනීවා මානව හිමිකම් ක්‍රියාවලිය හරහා ලංකාවේ බෙල්ල හිරකරන්න හදනකොට චීනය, රුසියාව වගේ රටවල් තමයි අපිව බේරගන්න ඉදිරිපත් වෙන්නේ.

එතකොට බි්‍රතාන්‍ය, ඇමරිකාව, බටහිර රටවල්, ලෝක බැංකුව, මූල්‍ය අරමුදල වගේ ආයතනවල මැදිහත්වීම් නිසා අපේ රටට වෙච්ච හානිකර බලපෑම් ගැන බොහෝ දෙනා අවිවාදයෙන් එකගවන කාරණා ගණනාවක් තියනවා. නමුත් චීනය එදා සිටම ලංකාවේ මිතුරු රාජ්‍යයක් ලෙස කටයුතු කර තිබෙනවා.

තවත් කාරණයක් ගත්තොත් සංස්කෘතික, ආගමික හා මානසික වශයෙන් විශාල සංහාරයක් සිදුකරමින් තමයි මේ බටහිර ආක්‍රමණ කියන ඒවා දියත් වෙන්නේ. අපේ පන්සල් වෙහෙර විහාර විනාශ කරලා, අපේ සම්ප්‍රදායික දැනුම් පද්ධති විනාශ කරලා, රට පුරා අනුකාරක කළු සුද්දෝ බෝ කරලා, ඔවුන්ගේ ආගම අපිට දීලා මේ විදිහට තමයි බටහිර රටවල් ලෝකය ආක්‍රමණය කළේ. හැබැයි අද චීන අධිරාජ්‍යවාදයක් ගැන සමහරු කතා කළාට චීන සිංදුවක්වත් දන්න මිනිහෙක් වෙන රටකින් හොයාගන්න නෑ.

එතකොට මේ චීන අධිරාජ්‍යවාදය ගැන කියන හැමෝම කියන කතාව තමයි චීන ණය උගුල කියන එක. ඒක ලංකාව තුළ විතරක් නෙමෙයි ලෝක පරිමාණව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් විසින් පතුරුවා හැර තිබෙන මතවාදයක්... ඔවුන් කියන විදිහට චීනය මේ ණය උගුල හරහා තමයි ලෝකය ආක්‍රමණය කරන්නේ කියන එක. මේ ණය උගුල නිසා තමයි අපට හම්බන්තොට වරාය, පෝට් සිටිය චීනයට දෙන්න වෙන්නේ කියන එක. එතකොට මේ මහා චීන ණය උගුලේ කතාව ඇත්තක්ද කියන එක බලමු. මුදල් අමාත්‍යාංශේ වෙබ් අඩවිය කියන විදිහට 2020 අගෝස්තු වෙන කොට අපේ චීන ණය සමස්ත විදේශ ණයවල ප්‍රතිශතයක් විදිහට සීයට 10යි. එතකොට අපි ජපානෙනුත් ඒ හා සමාන ප්‍රමාණයක් ණය අරන් තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඊට වඩා විශාල ණය මුදලක් අරගෙන තිබෙනවා. එතකොට මේ සීයට 10 තමයි මහා ණය උගුලක් විදිහට පෙන්වා දෙන්නේ. ඊළඟට මහ බැංකු වාර්තාවේ තියන විදිහට ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායන්ට ගත් ණය හැර අපේ සමස්ත චීන ණය 2015 - 2019 කාලය තුළ තිබිලා තියෙන්නේ සීයට දහයට අඩු මට්ටමක. එතකොට චීනෙට රට ණය කළා කියන රාජපක්ෂ පාලන කාලය තුළ මේ චීන ණය තිබිලා තියෙන්නේ රටේ සමස්ත විදේශ ණයෙන් සීයට තුනට අඩු ප්‍රතිශතයක. සමහර රාජ්‍ය ව්‍යවසායන්ට ගත් ණය මේකට ඇතුළත් කරලා නැත්තේ ඒවා ඒ ඒ ආයතනවලින් ගෙවන නිසා. ඒ සේරම ඇතුළත් කළත් ලංකාවේ චීන ණය සමස්ත ණය ප්‍රමාණයෙන් සීයට දහය දොළහ ඉක්මවා යන්නේ නෑ.

මීළගට මේක ජාත්‍යන්තර තත්ත්වය ගැන බැලුවොත් බටහිර රටවල් කියන විදිහට චීනය ණය උගුල් හරහා රටවල් ආක්‍රමණය කරනවා කියන එක ඇත්තක්ද? ජර්මනියේ ණසැක සබිඑසඑමඑැ දෙර අදරකා ැජදබදපහ ගැන කියන ආයතනය පෙන්වා දෙන විදිහට චීනෙන් ණය ගත්ත වැඩි ප්‍රමාණයක් රටවල චීන ණය ප්‍රමාණය ඔවුන්ගේ ජාතික ආදායමෙන් සීයට පහකට අඩු මට්ටමේ තිබෙනවා. මේ බටහිර රටවල විද්වතුන් ඉදිරිපත් කරන තවත් වාර්තාවකට අනුව ඔවුන් චීන ණය උගුලට අහුවුණා කියන රටවල් 50ක් ගැන කරුණු දක්වා තිබෙනවා. ඒ රටවල් පනහ අතර 34 වන තැන ඉන්නේ ලංකාව. එතකොට මේ වාර්තාව අනුව විශාල වශයෙන් චීන ණය ලබාගත් රටක් විදිහට තිබෙන්නේ ජිබුති කියන රාජ්‍යය විතරයි. 

මේ අතරින් රටවල් හතලිස් තුනක චීන ණය ප්‍රමාණය ඔවුන්ගේ ජාතික ආදායමේන් සීයට 30% වඩා අඩු මට්ටමක තිබෙන්නේ. රටවල් 36ක චීන ණය ඔවුන්ගේ ජාතික ආදායමෙන් 20% ට අඩු මට්ටමක තිබෙන්නේ. නමුත් මේ චීන ණය පිළිබඳ මතවාදය ලෝකය පුරා පතුරුවා හැරීමට අද බටහිර මාධ්‍ය කටයුතු කොට තිබෙනවා. ලංකාවෙත් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිස් ඒ බොරුව ඒ අයුරින්ම කර තබාගෙන යනවා. ලෝක දේශපාලනයේදී කිසිදු රටක් සම්පූර්ණ හොඳ හෝ අහිංසක යැයි කියන්න බෑ. නමුත් ලෝක දේශපාලන බල කඳවුරුවල සැබෑ පින්තූරය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීම රටක් වශයෙන් අපේ ඉදිරි ගමනට අතිශය වැදගත් කාරණයක්.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පෝට්සිටිය චීනයට දෙන කතාව පට්ටපල් බොරුවක්
පෝට්සිටිය චීනයට දෙන කතාව පට්ටපල් බොරුවක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkM2EReOll0A26yMuBObYKNOjAE5qmcpJiiVI_KReDTz9IvaDcTfz2MqssngZIt1BTH12O4xtNlv56zUYMyVWgKNuj9X7HttL7HEy_nPLVMnbD4TcOMPdYpWsENPN68qj4TAZzmz6Jqyg/s16000/7M8A0343.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkM2EReOll0A26yMuBObYKNOjAE5qmcpJiiVI_KReDTz9IvaDcTfz2MqssngZIt1BTH12O4xtNlv56zUYMyVWgKNuj9X7HttL7HEy_nPLVMnbD4TcOMPdYpWsENPN68qj4TAZzmz6Jqyg/s72-c/7M8A0343.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/political-srilanka_23.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/political-srilanka_23.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content