Header Ads

උණුසුම් පුවත්

රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ නොපැවැත්වේ.



යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කලේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි. 

ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීමට ඉදිරියේදී සැලසුම් කරන බවද වාර්තාවේ.