Header Ads

උණුසුම් පුවත්

ගෝමරන්කඩවල පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ්


ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී තිබෙනවා.

ඊයේ (07) දිනයේ සිදුකළ PCR පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.