Header Ads

උණුසුම් පුවත්

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට


කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා සංඛ්‍යාව අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල වාර්තාවී තිබෙනවා. ඒ මරණ 4187ක් ලෙසටයි. ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 238,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ හඳුනා ගැණුනු හාරලක්ෂය ඉක්මවූ නව ආසාදිතයන් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 21,892,000 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ 20,000 කට අඩු දෛනික ආසාදිතයන් වාර්තා වූ ඉන්දියාවේ අප්‍රේල් මාසය තුල පමණක් නව ආසාදිතයන් හැටහය ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා. මෙය ඉන්දියානු සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.