මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) දිනයේත් අලුත් වුණා. එම සංඛ්‍යාව දැක්වුණේ 1,923 ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් දක්වා ඉහල ගියා.
ඊයේ දිනයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 1,913 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 10 දෙනෙකු ද රෝගීන් ලෙස හඳුනා ගැනුනා.ඊයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 529 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.
ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 14,758 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 98,209 ක්. ඊයේ දිනයේ මෙරටින් මරණ 13 ක් වාර්තාවූ අතර, ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 709ක් දක්වා ඉහළ ගියා. එම මරණ 13න් 12කටම කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවී තිබෙනවා.
දිවුලපිටිය, ජාඇළ, මාවිල්මඩ, මීගමුව, මාළඹේ, බොරැල්ල, නුවරඑළිය, මෝදර, නිට්ටඹුව, පානදුර, ගම්පහ සහ බුලත්සිංහල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 42ත් 82ත් අතර වයස්වල පසුවන්නන් මෙලෙස කොරෝනා වැළඳී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.




