ඊයේ දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,959 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 554 දෙනෙකු හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 391 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 174 දෙනෙකු වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,129කි.
ඒ අනුව බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,310ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
ඊයේ දිනයේ, ගාල්ල 198ක්, අනුරාධපුරය 169ක්, නුවරඑළිය 167ක්, පුත්තලම 152ක්, මාතර 134ක්, මාතලේ 125ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 103ක් ලෙස දෛනික ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
කුරුණෑගල 83ක්, බදුල්ල 80ක්, යාපනය 60ක්, මන්නාරම 34ක්, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 31 දෙනා බැගින් ද වාර්තා වී ඇති අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 164,201 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.




